ශ්‍රී ලංකාවට කොරෝනා මර්දන සටනෙහි ජය අභියස තවත් ජයක්! ඉලක්කයටත් කලින් සරම්ප සහ රුබෙල්ලා තුරන් කරයි! ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සුබපැතුම්!

July 8, 2020 at 4:47 pm | by emanisa.lk

ලංකාවට සරම්ප සහ රැබෙල්ලා ඉලක්කයටත් පෙර මර්දනය කර කලාපයේ ප්‍රථම රටක් බවට පත්වෙයි.

සරම්ප සහ රුබෙල්ලා රෝග දෙක මර්දනය කළ දකුණ සහ නැඟෙනහිර ආසියානු කලාපයේ ප්‍රථම රටවල් දෙක අතර ශ්‍රී ලංකාව පැමිණ තිබේ. එම ජයග්‍රහණය වාර්තා කළ අනෙක් රට වන්නේ අපේ අසල්වැසි මාලදිවයිනය.

2023 සපුරා ගත යුතුව පැවති මෙම ඉලක්කය වසර තුනකට පෙර සපුරා ගැනීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය දෙරටටම සුබ පතා තිබේ.

ශ්‍රී ලංකාවෙන් අවසන් වරට සරම්ප සහ රුබෙල්ලා රෝගීන වාර්තා වී ඇත්තේ 2016 වසරේ මැයි මාසයේ දීය. හොඳින් නිරීක්ෂණය කරන පසුබිමක වසර තුනක් රෝගීන් වාර්තා නොවීම රෝගය තුරන් කිරීමක් ලෙස සැලකෙයි.

https://www.facebook.com/WHOSEARO/photos/a.514495888681056/1950800205050610/?type=3&theater

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *