ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනාවලියට බහුතරය නෑ…! විවාදය කල් දමා බහුතරය හදන්න ඇමරිකාව වැඩ…!

March 15, 2021 at 8:47 am | by emanisa.lk

46 වන ජිනීවා මානව හිමිකම් සැසිවාරයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කළ සංශෝධිත යෝජනාව මේ වන තෙක් සාකච්ඡාවට ගෙන නොමැති බව වාර්තා වෙයි.

ජගත් මානව හිමිකම් සැසිවාරය ආරම්භ වූයේ පසුගිය 22 වනදායි. කැනඩාව, එක්සත් රාජධානිය, ජර්මනිය, උතුරු මැසිඩෝනියාව, මොන්ටිනීග්‍රෝ සහ මලාවි යන රටවල් ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් මානව හිමිකම් කවුන්සියලයට ඉදිරිපත් කළේ ය.

ශ්‍රී ලංකාවට එරෙහිව අනෙක් රටවල සහයෝගය ලබාගැනීමට යෝජනාවේ සම අනුග්‍රාහකත්වය දරන කැනඩාව සහ එක්සත් රාජධානිය දැඩි ප්‍රයත්නයක නිරත වෙයි.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් මහකොමසාරිස් මිෂෙල් බැචලේගේ වාර්තාව පසුගියදා සංවාදයට ගැනුණු අතර එහි දී රටවල් 21ක් ශ්‍රී ලංකාවට සහාය පළකළේ ය.

ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවේ සම අනුග්‍රාහකයින්ට තවමත් සිය යෝජනාවට බහුතර කැමැත්ත ලබා ගැනීමට හැකියාවක් ලැබී නොමැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *