ශ්‍රී ලංකාවට එරෙහිව කොටි අයි.එස්. ඩයස්පෝරා සන්ධානයක්!

June 30, 2019 at 4:48 pm | by emanisa.lk

යුරෝපයේදී ඉස්ලාම් අන්තවාදී කොටස් හා දෙමළ අන්තවාදී කොටස් එක්වී විශේෂ සංවිධානයක් ස්ථාපිත කර ඇතැයි බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

මෙලෙස එල්.ටී.ටී.ඊ. සහ අයි.එස්. සංවිධානය එක්ව මෙරටට විවිධ බලපෑම් කිරීම සඳහා සැරසෙන බව ද ඔහු අවධාරණය කළේය.

ඉස්ලාම් අන්තවාදයට එරෙහිව මෙරටදී දෙමළ සමාජය සහ සිංහල සමාජය අත්වැල් බැඳ ගනිමින් සිටියදී ජාත්‍යන්තර වශයෙන් දෙමළ සහ ඉස්ලාම් අන්තවාදීන් එක්වී කරන කටයුතු ගැන වගකිවයුතු අංශ අවධානය යොමු කළ යුතු යැයිද අමාත්‍යවරයා කීය.

යුරෝපය කේන්ද්‍ර කරගෙන මුස්ලිම් ඩයස්පෝරාවක් තැනීමට අන්තවාදී මුස්ලිම් ජාතිකයන් තිදෙනෙකු කටයුතු කරමින් සිටින බවත් ඒ සඳහා මුදල් එකතු කරන බවත් පසුගියදා මාධ්‍ය හෙළි කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස