ශ්‍රී ලංකන් ප්‍රධානියා සමාගම ගාණේ 100 දෙනෙකුට ඩුබයි හෝටලයක් වෙන්කරලා!

February 6, 2019 at 9:04 am | by admin

ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප‍්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා විසින් යවන ලද ඊමේල් පණිවිඩයකට අනුව ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම විසින් පුද්ගලයන් සිය දෙනකු සඳහා ඩුබායි හෝටලයක් වෙන් කරගෙන ඇති බවත් ඒ සිය දෙනා අතර ඇමරිකාවේ හිටපු ශ‍්‍රී ලංකා තානාපති ජාලිය වික‍්‍රමසූරිය මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් සිට ඇති බවත් ශ‍්‍රී ලංකන් – මිහින් ලංකා ජනාධිපති කොමිසමේ සාක්ෂි විභාගයේදී අනාවරණය විය.

එම ඊමේල් පණිවිඩයට අනුව ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම විසින් මෙම හෝටල් ගාස්තු ගෙවා ඇති බවද ඊයේ සාක්ෂි විභාගය මෙහෙයවූ රජයේ නීතීඥ චතුර ගුණතිලක මහතා කොමිසමට දැනුම් දුන්නේය.

මීට පෙර 2013 අපේ‍්‍රල් මාසයේදී ජාලිය වික‍්‍රමසූරිය මහතා විදේශ අමාත්‍යාංශයේ අනුමැතියකින් තොරව වොෂින්ටන් සිට ඩුබායි හරහා මත්තලට ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමෙන් කෙළින්ම ගුවන් යානයක් වෙන් කරවාගෙන ඇති බව අනාවරණය වූ අතර එහි බිල ඔහු විසින් විදේශ අමාත්‍යංශයට යොමු කරන ලෙසද දැනුම් දී තිබුණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *