ශ්‍රී ලංකන් ගුවන් යානා දෙකක් බීජිං නුවරට….! හෙට උදෙන් ම තවත් එන්නත් මාත්‍රා ලක්ෂ 20ක් රැගෙන දිවයිනට….!

July 10, 2021 at 9:05 pm | by emanisa.lk

චීනයේ නිෂ්පාදිත සයිනොපාම් එන්නත් මාත්‍රා ලක්ෂ 20ක තොගයක් මෙරටට හෙට(10) ලැබෙන බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසයි.

මෙරට එන්නත්කරණ වැඩපිළිවෙළ සඳහා විදේශයකින් එකවර ලැබෙන වැඩිම කොරෝනා මර්දන එන්නත් ප්‍රමාණය මෙය බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

මෙම එන්නත් ගෙන ඒම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යානා දෙකක් මේ වන විටත් චීනයේ බේජිං නුවරට ගොස් ඇතැයි ගුවන් තොටුපළ ආරංචි මාර්ග සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *