එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ ජන්ම දින සැමරුම වෙනුවෙන් ගාලු මුවදොර සංවිධානය කර තිබූ උත්සව අවස්ථාවක් සඳහා හිටපු ජනාධිපති චන්ද්රිකා කුමාරතුංග අද (08) උදෑසන පැමිණියා ය.
අනාරාධිතිව උත්සව අවස්ථාව ආරම්භ කිරීමටත් පෙර එහි පැමිණි චන්ද්රිකා සිය සොහොයුරිය සමග බණ්ඩාරනායක පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීය.
ශ්රීලනිපයට දැන් ගමනක් නොමැති බවත් පක්ෂ සභාපති ධුරය සිරිසේන උදුරාගෙන පක්ෂය පොහොට්ටුවට විකුණා දැමූ බවත් සඳහන් කළා ය.
පක්ෂයේ නියම සභාපති තමා බවත් සිරිසේන මෙන් තමන් එජාපයට නොගිය බවත් සඳහන් කළ හිටපු ජනාධිපතිනිය තම හැමදාම ශ්රීලනිපයේ බවත් සඳහන් කළා ය.
කෙසේ වුවද මේ අවස්ථාව වන විට ශ්රීලනිප සභාපති හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන ඇතුළු අදාළ සැමරුමේ ආරාධිත පිරිස් පැමිණ සිටියේ නැත.