ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරිගේ ගර්ජන මායිම් නොකරයි! එස්.බී. සහ ඩිලාන් පොහොට්ටුවට යයි! තව පිරිසක් පෝලීමේ!

August 29, 2019 at 1:57 pm | by emanisa.lk

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු භාණ්ඩාගාරික එස්.බී. දිසානායක සහ එම පක්ෂයේ උප සභාපතිවරයකු වූ ඩිලාන් පෙරේරා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගෙන ඇත.

අද (28) පෙරවරුවේ පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ අතින් ඔවුන් සිය සාමාජිකත්වය ගෙන තිබේ.

මේ අතර තවත් ශ්‍රීලනිප පිරිසක් පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගැනීමට සූදානමින් සිටන බව වාර්තා වෙයි. ශ්‍රීලනිපයේ පැරණිතම සාමාජිකයකු මෙන්ම හිටපු උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ ද මේ අතර වෙයි.

මේ අතර ශ්‍රීලනිප වැඩ බලන මහ ලේකම් දයාසිරි ජයසේකර ඊයේ පැවසුවේ තම පක්ෂයට සහ ජනාධිපතිවරයාට එරෙහි වන ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ට විනය ක්‍රියාමාර්ග ගැනීමට පක්ෂය තීන්දු කළ බවය. එස්.බී දිසානායක මෙන්ම ඩිලාන් පෙරේරා ද ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස