ජනපති ශ්‍රීලනිප මන්ත්‍රී පිරිසටත් කොකා පෙන්නයි! ශ්‍රීලනිප මන්ත්‍රී ඉරණම තීන්දු කරන ප්‍රසිද්ධ ප්‍රකාශය තවම නෑ!

June 19, 2019 at 9:46 pm | by emanisa.lk

කතිකා කරගත් පරිදි ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායමේ 23 දෙනෙකු ඉදිරි ජනාධිපතිවරණය සඳහා එජාප විරෝධී කඳවුරේ පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරිපත් විය යුතු බවට යෝජනාවක් ජනාධිපතිවරයාට භාර දුන්න ද ඊට ප්‍රතිචාර ලෙස තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ යැයි ජනාධිපතිවරයා ප්‍රසිද්ධ ප්‍රකාශයක් නොකිරීම නිසා එම මන්ත්‍රී පිරිස බෙහෙවින් කෝපයට පත්ව සිටින බව වාර්තා වෙයි.

මෙම ගැටුමට හේතු වූයේ පසුගිය මස 28 වෙනිදා කැබිනට් හමුවේ දී තමා නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බවත් එජාපයෙන් තරුණ නායකයකු ඉදිරිපත් වන්නේ නම් තම සහාය ද ඔහුට ලබා දෙන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කිරීමය.

මෙම ප්‍රකාශය සමග සිය දේශපාලන අනාගතය පිළිබඳ භීතියට පත් ශ්‍රීලනිප මන්ත්‍රී පිරිස ජනාධිපතිවරයා හමු වී තම දේශපාලන අනාගතය පිළිබඳ තීන්දුවක් ගැනීමේ අවස්ථාව තමන්ට ලැබිය යුතු යැයි පවසා තිබිණි. කෝපයට පත් සිය මන්ත්‍රී පිරිස අස්වැසීමට ජනාධිපතිවරයා තරයේ ප්‍රකාශ කළේ එජාප අපේක්ෂකයාට සහාය දෙන්නේ යැයි තමා නොැපැවසූ බවය.

අනතුරුව පෙර සඳහන් කළ ලිපිය ජනාධිපතිවරයාට භාර දීමටත් අනතුරුව තමා ශ්‍රීලනිප අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට ජනපති සිරිසේන විසින් ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කිරීමටත් සැලසුම් කර තිබුණ ද මෙතෙක් එවැනි ප්‍රකාශයක් නිකුත් වූයේ නැත. මේ නිසා ඉදිරියේ දී ජනාධිපතිවරයා තවත් හුදෙකලා වීමේ අවධානමක් මතුව තිබේ.

මෙවැනි පසුබිමක මහා මැතිවරණයක් කැඳවීම සඳහා ජනමතවිචාරණයක් පැවැත්වීමට ජනාධපතිවරයා තීරණය කළහොත් ශ්‍රීලනිප මන්ත්‍රීි පිරිස ද ඊට එරෙහි වීමේ තත්ත්වයක් දැන් නිර්මාණය වී තිබේ. යම් ලෙසකින් ජනාධිපතිවරයා එජාප අපේක්ෂකයාට සහාය පළ කළහොත් එය ඔහු සමග සිටින ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගේ දේශපාලන අනාගතය විනාශ කරන තීන්දුවක් වනු ඇති බව එම පිරිස අවබෝධ කරගෙන සිටිති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස