සිංහල අලුත් අවුරුදු සමයට පසු සක්‍රීය ලෙස ආණ්ඩු විරෝධි සටන සමග සම්බන්ධ වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදුජන පෙරමුණ සමග පැවති සාකච්ඡාවක දී පොරොන්දු වී තිබේ.
මේ අනුව අවුරුදු උත්සව සමය නිමා වූ පසු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු විරෝධී පුළුල් සන්ධානයක් ගොඩ නඟා ජනාධිපතිවරණයට හෝ එළඹෙන ඕනෑම මැතිවරණයකට ශක්තිමත් ලෙස මුහුණ දී ආණ්ඩුව පරාජය කිරීමට ශ්‍රීලනිපය සිය දායකත්වය ලබා දෙනු ඇත.