ශ්‍රීලනිප අපි කිසිසේත් ආණ්ඩුවෙන් යන්නේ නෑ…! එය සක්සුදක් සේ පැහැදිලියි….! – මහින්ද අමරවීර…

July 14, 2021 at 7:46 am | by emanisa.lk

තමන් ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් ඉන් විපක්ෂයට වාසියක් වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨ උප සභාපති, අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

“රෑට නාලිකාවෙ දා ගන්න කතා කරන කට්ටිය ඉන්නවා නෙ ඉතිං. ඒකට අපි කලබල වෙන්නෙ නෑ.

අපි නම් කිසිසේත් බලාපොරොත්තු වෙන්නෙ නැහැ හෙට එළියට බැහැලා විපක්ෂ නායකවරයා ශක්තිමත් කරගෙන පාර්ලිමේන්තුවේ එයාගෙ යටතේ ඉන්න.

විපක්ෂයට වාසිවෙන කිසි ම තීන්දුවක් අපි ගන්නෙ නැහැ. ඒක ඉතාමත් පැහැදිලියි.”

අමාත්‍ය මහින්ද අමරවීර මේ බව පැවසුවේ ඊයේ (13) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *