ශ්‍රීලනිපය සුරැකීමේ ව්‍යාපාරය මහ රවුමක් ගොස් එජාප වේදිකාවට ගොඩවෙයි!

October 27, 2019 at 8:59 am | by emanisa.lk

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ ජාතික සංවිධානයේ ලේකම් නීතිඥ රජික කොඩිතුවක්කු ඊයේ (26) රාජිගිරියේ පැවති එජාප ජනරැලියකට එක්ව තිබේ.

පොහොට්ටුව සමග එක්වුවහොත් ශ්‍රීලනිපය විනාශ වන බවත් එහෙයින් ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බවත් පැවසූ ශ්‍රීලනිපය සුරැකීමේ ජාතික සංවිධානය ඉදිරියේ දී චන්ද්‍රිකා කුමාරතුංග සමග එක්ව සජිත් ප්‍රේමදාසට සහාය දැක්වීමට සැලසුම් කර ඇති බව මීට පෙර වාර්තා විය.

මෙවැනි ප්‍රබල ශ්‍රීලනිප නායකයන් එජාප ජනාධිපති අපේක්ෂකයාට සහාය ලබා දෙමින් සිය වේදිකාවට ගොඩවීම පිළිබඳ තමා සතුටු වන බව ඇමති ආචාර්ය හර්ෂ ද සිල්වා ට්විටර් සටහනක් තබමින් පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස