ශ්‍රීලනිපය සුරකින චන්ද්‍රිකාට සමුළුවේ දී හූ කියන්න හදනවා! – සංවිධාකයෝ චෝදනා කරති….

November 3, 2019 at 11:34 am | by emanisa.lk

එළඹෙන අඟහරුවාදා දිනයේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරකීමේ සංවිධානයේ සමුළුව කඩාකප්පල් කිරීමේ කුමන්ත්‍රණයක් දියත්ව ඇති බව එහි සංවිධායකයෝ චෝදනා කරති.

එහිදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගට හූ තැබීමට හෝ වෙනත් විරෝධතාවක් පළ කිරීමට සැලසුම් කර ඇති බව ද ඔවුහු කියා සිටිති.

කෙසේ වෙතත් එවන් කුමන්ත්‍රණකාරීන් වේලාසන හඳුනා ගැනීමට කටයුතු කරන බවත් එම සංවිධානය පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස