ශ්‍රීලනිපය ශක්තිමක් කරන චන්ද්‍රිකා එජාප ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට

January 16, 2019 at 3:58 pm | by admin

හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය එක්සත් ජාතික පක්‍ෂයේ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීම සඳහා සාකච්චාවක් සිදුවෙමින් ඇත. ඒ අනුව ජාතික ලැයිස්තුවෙන් ඉල්ලා අස්වීම සඳහා යෝජනා වී ඇත්තේ එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රි සිරිනාථද මැල් මහතායි.

හිටපු ජනාධිපතිනිය පාර්ලිමේන්තුවට පැමිණීම හේතුවෙන් ශ‍්‍රීලනිපයෙන් ආණ්ඩුව හා එක්වන මන්ත‍්‍රී පිරිසට නායකත්වය දිය හැකි බවත් ඔවුනට එය ශක්තියක් බවත් එජාපය තුළ සාකච්ඡා වී තිබේ. කෙසේ වුවද පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් ලියමින් හිටපු ජනාධිපතිනිය ප්‍රකාශ කළේ මෑතක පක්ෂය ගත් දේශපාලන තීන්දු තීරණ නිසා අතරමං වූ ශ්‍රීලනිප පක්ෂ සංවිධායක පිරිසකට පවා පක්ෂය අතහැර නොගොස් පක්ෂය ශක්තිමත් කිරීමට එක්වන ලෙස තමන් ඇරයුම් කළ බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස