ශ්‍රීලනිපය විශ්වාසභංගයට පක්ෂ වෙයි!

July 11, 2019 at 1:52 pm | by emanisa.lk

ජනතා විමුක්ති පෙරමුණ විසින් ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.

ශ්‍රී.ල.නි.ප මන්ත්‍රී කණ්ඩායම සාකච්ඡා කර මෙම තීරණය ගත් බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා එම පක්ෂ මූලස්ථානයේදී දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.

මෙම ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදී අද (11) පස්වරුවේ පැවැත්වීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස