ශ්‍රීලනිපය රැකගැනීමේ ව්‍යාපාරය පිටුපස ඇමති මංගල!

October 28, 2019 at 9:52 am | by emanisa.lk

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැකගැනීමේ ජාතික ව්‍යාපාරය මෙහෙය වන්නේ ඇමති මංගල සමරවීරගේ ලේකම්වරයකු වන තුසිත හල්ලොලුව බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැක ගැනීමේ ව්‍යාපාරය සමග චන්ද්‍රිකා කුමාරතුංග ආදීන් එකතු කරමින් ඒ හරහා ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රීලනිප ඡන්ද ගෝඨාභය රාජපක්ෂට යාම වැළැක්වීම සඳහා උවමනා සම්බන්ධීකරණ කටයුතු සිදුකරන්නේ හල්ලොලුව විසිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැකගැනීමේ ව්‍යාපාරය සිටුපස සිටින්නේ ඇමති මංගල සමරවීර බව රටට හෙළි වීමත් සමග ඔවුන් සමග කටයුතු කිරීමට කුමාර වෙල්ගම අදිමදි කරමින් සිටින බව වාර්තා වෙයි.

ඒ මෙම ව්‍යාපාරයේ සැබෑ අරමුණ සජිත් ප්‍රේමදාස දිනවීම බව හෙළිවීමත් සමග ශ්‍රීලනිප ඡන්දදායකයන් ඔවුන්ගේ හඬට ඇහුන්කම් නොදෙන බව අවබෝධ වීම නිසාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස