ජනපති සිරිසේන යහපාලන මුදල් ඇමැති මංගලට පාංශුකූලය දෙයි…!

August 27, 2021 at 9:42 am | by emanisa.lk

හිටපු අමාත්‍ය මංගල සමරවීර වෙනුවෙන් ශ්‍රීලනිපය පාංශුකූලයක් සංවිධානය කර තිබිණි.

ඊයේ (26) හුනුපිටිය ගංගාරාමයේ දී ශ්‍රීලනිප සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු ශ්‍රීලනිප ජ්‍යේෂ්ඨයින්ගේ සහභාගීත්වයෙන් එම කටයුතු සිදුවිය.

ගංගාරාම විහාරවාසී, ආචාර්ය කිරින්දේ අස්සජී හිමි විසින් මෙම ආගමික කටයුතු මෙහෙය වන ලදි.

මංගල සමරවීර 1994 සිට ශ්‍රීලනිප ආණ්ඩුවල ඇමැති ධූර පවා දැරූ ප්‍රබල චරිතයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *