ශ්‍රීලනිපය තම ජාතික වගකීම ඉටුකරයි..! මන්ත්‍රීවරුන් 14 දෙනාගේ වැටුප් පරිත්‍යාග කරති….!

August 21, 2021 at 8:29 am | by emanisa.lk

ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව රට වසා දැමීමට තීන්දු කළේ එය නොකරම බැරි නිසා බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.

පසුගිය අවස්ථාවල රට වසා දැමූ විට මෙන් රු. 5000ක් ලබා දීමට ආණ්ඩුවට ශක්තියක් නොමැති බවත් උපරිම රු. 2000ක් පමණ ලබා දීමේ හැකියාවක් ඇති බවත් ඇමැතිවරයා පෙන්වා දෙයි.

මේ වන විට රට කෙතරම් ආර්ථික අගාධයක සිටින්නේ දැයි ජනතාව තේරුම්ගත යුතු බවත් ඔහු සඳහන් කරයි.

ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 14 දෙනාගේ වැටුප ජනතාවට ශක්තියක් වීමට පරිත්‍යාග කිරීමට තීන්දු කළ බවත් 1400කට අධික ශ්‍රීලනිප පළාත් පාලනවල මන්ත්‍රීවරුන්ගෙන් ද යම් මුදලක් එකතු කර දීමට බලාපොරොත්තු වන බවත් දයාසිරි ජයසේකර අවධාරණය කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *