ශ්‍රීලනිපය ජනපති අපේක්ෂකයෙක් නෑ! දයාසිරි කියන්නේ එයාගේ පෞද්ගලික අදහස්! දයාසිරිට ඉසුරුගෙන් කනේ පාරක්!

March 19, 2019 at 4:04 pm | by admin

ශ්‍රීලනිපයට ජනපති අපේක්ෂකයෙක් නොමැති බවත් ඉදිරියේ දී පොදුජන පෙරමුණ සහ ශ්‍රීලනිපය එකතු වී ජනපති අපේක්ෂකයකු තෝරා ගන්නා බව ද බස්නාහිර පළාත් මහ ඇමති ඉසුරු දේවප්‍රිය පවසයි.

මෛත්‍රීපාල සිරිසේන සිය පක්ෂයේ ජනාධපති අපේක්ෂකයා යැයි මහ ලේකම් දයාසිරි ජයසේකර කරන ප්‍රකාශ ඔහුගේ පෞද්ගලික අදහස් බවත් ජනාධිපතිවරයා පක්ෂ මධ්‍යම කාරක සභාවේ දී ඒ පිළිබඳ වොයිස් කට් ලබා නොදෙන ලෙස සියලු දෙනාට දැනුම් දුන් බවත් හෙතෙම අවධාරණය කරයි. මෙතෙක් තමා ජනාධිපතිවරණයට ඉදිරිපත්වන්නේ ද යන්න තීරණය කර නැති අතර එවැනි අවශ්‍යතාවක් මතු වුවහොත් ඒ පිළිබඳ සාකච්ඡා කරන බවත් ජනාධිපතිවරයා වැඩි දුරටත් පවසා තිබේ.

දයාසිරි ජයසේකර පක්ෂ මහ ලේකම් ධුරයට පත් වූ දවසේ පටන් පක්ෂ අනුමැතියකින් තොරව විවිධ ප්‍රකාශ නිකුත් කරන බවත් ඒවා ඔහුගේ පෞද්ගලික ප්‍රකාශ මිස පක්ෂයේ නිල ප්‍රකාශ නොවන බවත් මහ ඇමතිවරයා පෙන්වා දෙයි. අපේක්ෂකයන් දෙදෙනෙකු ඉදිරිපත් නොවන බවත් මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන එකතු වී තෝරා ගන්නා ඕනෑම අපේක්ෂකයකුගේ ජයග්‍රහණය සඳහා තමා කටයුතු කරන බවත් හෙතෙම අවධාරණය කරයි.

කෙසේ වුවද ඉදිරි ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන නම් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක කළ යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් සමුළුවේ අනුමැතිය ද හිමි වී ඇත.

මේ අතර ශ්‍රීලනිප සහ පොදුජන පෙරමුණු එකඟතා බිඳ දමා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණයට ඉදිරිපත් කර පරාජය කර ශ්‍රීලනිප බලය අල්ලා 2025 ජනාධිපති අපේක්ෂකයා වී ජයග්‍රහණය කිරීම උදෙසා දයාසිරි ජයසේකර කුමන්ත්‍රණය කරන බවට පුවතක් පසුගියදා අන්තර්ජාලයේ හුවමාරු විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස