ශ්‍රීලනිපය අයවැයේ දී සුපුරුදු දෙපැත්තටම නැති පතෝල තීන්දුවට සූදානම්!

April 3, 2019 at 5:35 pm | by admin

අයවැය අවසන්වර කියවීමේ ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්දය භාවිතා කිරීම සිදු කරන්නේ කෙසේද යන්න පිළිබඳ ඊයේ (02) පැවති සාකච්ඡාවේදීත් අවසන් තීන්දුවක් නොමැතිව අවසන් වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ අයවැය ඡන්ද විමසීම පිළිබඳව අවසන් තීන්දුවක් ගැනීමට එළඹෙන 4 වනදා නැවත රැස්වෙන බවයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ එම පක්ෂයේ ආසන සංවිධායකවරුන් සහ ජනාධිපතිවරයා අතර ඊයේ (02) ජනාධිපති මන්දිරයේදී පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.

පස්වරු 7.00 ට පමණ ආරම්භවූ මෙම රැස්වීම පැය දෙකහමාරකට ආසන්න කලයක් පැවැති අතර අයවැයට පක්ෂ විය යුතු බව පිරිසක් ප්‍රකාශ කල අතර එයට විරුද්ධ විය යුතු බව පිරිසක් පැවසීය.

ඡන්ද විමසීම මග හැරීම වඩාත් සුදුසු බවද මන්ත්‍රීවරුන් පිරිසක් ප්‍රකාශ කොට ඇත. අයවැය දෙවන වර කියවීමේ දී ජනාධිපතිවරයාගේ තීන්දුව වී තිබුණේ ද අයවැයට එරෙහි නොවී පක්ෂ ද නොවී සිටීමය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස