ශ්‍රීලනිපයෙන් පැන්න 5කට එරෙහිව විනය ක්‍රියාමාර්ග! – දයාසිරි

September 4, 2019 at 4:23 pm | by emanisa.lk

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 5 දෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට අදාළව පක්ෂය ලිපි බාර දී ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර පවසයි.

මේ සම්බන්ධයෙන් දින 7ක් ඇතුළත කරුණු දක්වන ලෙස ඔවුන්ට එම ලිපි මගින් දැනුම් දී ඇතැයි ද හෙතෙම කීය.

අද (4) පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

ලක්ෂමන් යාපා අබේවර්ධන, විජිත් විජයමුණි සොයිසා , එස්. බී. දිසානායක, ඩිලාන් පෙරේරා සහ ඒ.එච්.එම්. ෆවුසි යන මන්ත්‍රීවරුන්ට මෙලෙස ලිපි බාර දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස