ශ්‍රීලනිපයට තවත් කැබිනට් සහ රාජ්‍ය ඇමැති ධූර 04ක්…! ලබන සතියේ දිවුරුම් දෙන්න සූදානම්….!

June 29, 2021 at 8:09 am | by emanisa.lk

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට ඉදිරියේ දී තවත් කැබිනට් ඇමැති ධූර දෙකක් සහ රාජ්‍ය ඇමැති ධූර දෙකක් ලැබීමට නියමිත බව වාර්තා වෙයි.

එම පක්‍ෂයේ ජ්‍යේෂ්ඨ මන්ත‍්‍රීවරයෙක් මේ බව අනාවරණය කර තිබෙ.

මේ වන විටත් ඒ පිළිබඳව ආණ්ඩුවේ ඉහළ පෙළේ නායකයන් සමඟ සාකච්ඡා කර අවසන් බවත් ඒ අනුව ලබන සතිය වන විට එම තනතුරු ලැබීමට නියමිත බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේ වුව ද ශ්‍රීලනිප නායක මෛත්‍රීපාල සිරිසේන කිසිදු ඇමැති ධූරයක් හෝ තනතුරක් භාර නොගන්නා බව ඊයේ ඔහුගේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *