ශ්‍රීලනිපයට ගිය වෙල්ගමගේ ජනහමුව පාළුවට යයි! මහින්ද එක්ක හිටියා නම් සෙනඟ එනවා! සිරිසේන ඉදිරියට අරන් යන්න අමාරුයි! – වෙල්ගම ජනහමුවේදී කියයි…..(video)

July 7, 2019 at 10:41 am | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ශ්‍රීලනිපයට ගොස් කැඳවන ලද පළමු ජනහමුවට සහභාගී වූයේ ඉතා සුළු පිරිසක් බව ඔහු සභාව අමතමින් ප්‍රකාශ කළේය.

මන්ත්‍රීවරයා එහිදී කියා සිටියේ මෙම රැස්වීම තමන් මහින්ද රාජපක්ෂ සමග සිටිමින් පැවැත් වූයේ නම් මීට වඩා බොහෝ සෙනග එන බවයි.

ජනතාව තමන් ප්‍රතික්ෂේප කරනවා නම් ප්‍රශ්නයක් නැති බවත් තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සිටින බවත් ඔහු කියා සිටියේය.

‘සිරිසේන මහත්තය එක්ක මේ යන ගමන ලේසි නෑ. හැබැයි දැන් සිරිසේන මහත්තයා එක්සත් ජාතික පක්ෂයේ නෑ. සිරිසේන මහත්තයා ඉස්සරහට ගෙනියන්න ලේසි නෑ. නමුත් එජාප ජනාධිපති අපේක්ෂකයා දාපු ගමන් මේ පිරිස එකතු වෙනවා. සුළු ජාතික ඡන්ද 30% ගන්න විදිහ ගැන අපි හිතන්න ඕන.’ යයිද වෙල්ගම සඳහන් කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස