ශ්‍රීලනිපයට ඉතිරි සජිත්ගේ සන්ධානේ විතරයි! දයාසිරි මල්ලියේ නාඬා වරෙන්! – විජයමුණි සොයිසා

March 10, 2020 at 8:06 am | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දරුණු ප්‍රහාරයන්ට ලක්වෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වර්තමානයේ අත්වී ඇති ඉරණම තමන් නම් කලින්ම දුටු බවත් දැන් ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකරට ඇත්තේ ද තමන්ගේ පාරේම සජිත් ප්‍රේමදාසගේ සන්ධානයට එකතුවීම බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා පවසයි.

“මල්ලි අපි ඕක දැක්කා. අපි දැක්කා, අපි දන්නවා රාජපක්ෂලාගෙ හැටි. අපි ගිරුවාපත්තුවට අල්ලපු එක වෙල්ලස්සේ. අපි ඔය අප්පුච්චලා ගැන දන්නවා හොඳට.

ඉතිං ඒක නිසා නහයෙන් අඬන්න දෙයක් නෑ දයාසිරි මල්ලියේ, ඔබටත් කරන්න තියෙන්නෙ අයියා ගිය මාර්ගයේ එන්න. වෙන කරන්න දෙයක් නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉතිරි වෙලා තියෙන එකම බලවේගය අද මේ සමගි ජන බලවේගය”

විජයමුණි සොයිසා මේ බව පැවසුවේ ඊයේ (09) සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ උත්සවයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස