ශ්‍රීලංකන් ගුවන් සේවය විනාශ කළේ රාජපක්ෂලාද?

January 25, 2019 at 6:34 pm | by admin

රාජපක්ෂ යුගයේ ශ්‍රී ලාංකන් ගුවන් සේවය පාලනය වූ ආකාරය ගැන මගේද පැහැදීමක් තිබුනේ නැත. ඒ අප අසා තිබුන කරුණු අනුවය. විශේෂ අධ්‍යයනයක් ම විසින් එදා ඒ ගැන කර නොතිබිනි. මා විශ්වාස කලේත් ඇසුනදේය. නමුත් රාජපක්ෂ රජය වෙනස් වී වසර 4 කට පසු රනිල් වික්‍රමසිංහ නඩය ගුවන් සේවයට කර ඇති හානිය ගැඹුරින් සොයාබැලූවිට පෙනී යන්නේ එදා මොන අඩුපාඩු තිබුනත් ආයතනයට අනාගත සැලැස්මක් තිබුන බවත් අද මේ නඩය ආයතනය සම්පූර්ණයෙන්ම වනසා ඇති බවත්ය.

පසු ගිය වසර 4 තුල වැරදි තීරණ නිසා වත්මන් පාලකයන් පිටස්තර ආයතන වලට ගෙවා ඇති වන්දි පමනක් රුපියල් බිලියන 17 කි. තවත් බිලියන 26 ක වන්දියක් ලඟ එන බව දැනගන්නට ඇත.

ගුවන් යානා සමාගමක ඉහලම වියදම යන්නේ තෙල් වලටය. 2014 වසර ශ්‍රී ලාංකන් ගුවන් සේවය ඉහලම පාඩුව ලැබු වසරයි. ඒ රුපියල් බිලියන 31 කි. එදා ලෝක වෙළඳ පොලේ තෙල් මිල ඉහලම අගයක පැවතිනි. සාමාන්‍ය මිල තෙල් බැරලයකට ඩොලර් 110 ඉක්මවීය.

2015 සිට තෙල් මිල පහල ආවද නව රජය යටතේ ගුවන් සේවයේ පාඩු අඩු වනවා වෙනුවට දිගින් දිගටම වැඩි විය. 2018 වසරේ ලෝක වෙළඳ පොලේ තෙල් මිල බැරලයට ඇමෙරිකානු ඩොලර් 60 ක පමන පහල අගයක තිබියදී ශ්‍රී ලාංකන් ගුවන් සේවය මාස 9 ක් තුල රුපියල් බිලියන 40 ක ඉහලම පාඩුව ලබා ඇත. ගිනුම් වර්ෂය 2019 මාර්තු වල අවසන් වන විට පාඩුව රුපියල් බිලියන 50 ඉක්මවනු ඇතැයි බලාපොරොත්තු වේලු.

දැන් මේකටත් පහුගිය ආන්ඩුවට දොස් කියන්නට හේතුවක් අර නෝනලා හා මහත්තුරු සොයා ගෙන ඇති බව නිසැකය. යහපාලන ආන්ඩුව පත්වී වසර 4 ක් ම අවසන් වී තිබුනත් වරද අනුන්ගේමය.

 ආචාර්ය නාලක ගොඩහේවාගේ ෆේස්බුක් සටහනකි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස