ශ්‍රීලංකන් කපිල චන්ද්‍රසේන CIDයට භාරවෙයි! පොලිසිය එසැනින් අත්අඩංගුවට ගනී!

February 6, 2020 at 11:09 am | by emanisa.lk

දූෂිත එයාබස් ගනුදෙනුව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර සිටි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන හා ඔහුගේ බිරිඳ අද (06) පෙරවරුවේ නීතිඥයින් මාර්ගයෙන් අපරාධ පරීක්සණ දෙපාර්තමේන්තුවට භාර වී තිබේ.

නීතිපතිවරයාගේ උපදෙස් මත අධිකරණ නියෝගයක් අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ පොලිසිය ඔහුගේ නිවසට ගිය ද ඒ වන විට නිවස වසා දමා තිබිණි.

ඔහු රටින් පළා ගොස් ඇති බවට සැක කරන්නේ යැයි ඊයේ වාර්තා විය.

කෙසේ වුවද අපරාධ පරීක්සණ දෙපාර්තමේන්තුවට භාර වූ දෙදෙනා අත්අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලීසිය සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *