ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත්ව ඇති මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ ස්වාධීනව වන ලෙස යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.
මන්ත්‍රී ආසන 16ක් මෙවර මැතිවරණයෙන් ශ‍්‍රීලනිපය ජයග්‍රහණය කර ඇති අතර ඔවුන්ට ස්වාධීන වන ලෙස යෝජනා කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහයෝගය ලබාදුන් භික්ෂූන් වහන්සේලා පිරිසකි.
ඒ අනුව එළැඹෙන සතියේ රැස්වන පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දී මේ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට නියමිතව ඇතැයිද වාර්තා වෙයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප‍්‍රධානීන්ට කැබිනට් ඇමති ධුර ලබා නොදීම මෙන්ම ලබා දුන් ඇමති ධුරවල බලතල අඩු කිරීම සම්බන්ධයෙන් ශ‍්‍රීලනිප ප‍්‍රධානීන් කනස්සල්ලෙන් පසුවන බවද සඳහන්ය.