ශ්‍රිලනිපය පොහොට්ටුවට කඩේ යාම නතර කළ යුතුයි! ජීවන්ට කාඩ් එක නුදුන්නොත් අපි සජිත් එක්ක යනවා! – ගාමිණි තිලකසිරි –

March 14, 2020 at 5:16 pm | by emanisa.lk

මහින්ද රාජපක්ෂ ඇතුළු නඩයට කඩේයෑම වහාම නැවැත්විය යුතු බව බස්නාහිර හිටපු අමාත්‍ය ගාමිණී තිලකසිරි පවසයි.

රාජපක්ෂවරුන් හැමදාම කළේ තමන්ගේ පවුලේ අය ලොකු කරගෙන හොරකම් කිරීම බව ඔහු ඊයේ (13) නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පැවති සාකච්ඡාවක දී සඳහන් කර සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම මහ මැතිවරණයට තරඟකිරීම සිදුකළ යුතුබව එහිදී දැඩිව ප්‍රකාශ කර සිටි ගාමිණී තිලකසිරි, ජීවන් කුමාරණතුංගට අපේක්ෂකත්වය නොලැබුණූහොත් ඔහු සජිත් ප්‍රේමදාස සමඟ මැතිවරණයට තරඟ කිරීමට ගත් තීන්දුව සාධාරණ බව ද එහිදී සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම තරග නොකරන්නේ නම් රාජපක්ෂවරුන්ට විරුද්ධව තමන්ද තීන්දුවක් ගන්නා බවයි ඔහු එහිදී අවධාරණය කර සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස