ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සඳහා පෝලන්තයේ රැකියා අවස්ථා ලබා දීම පිළිබඳ එරට අවධානය යොමුව ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.
දෙරට අතර ඒ සඳහා ගිවිසුමක් අත්සන් කිරීමට ද නියමිත බවයි, ඇමැතිවරයා ප්‍රකාශ කළේ.
පෝලන්තයේ සංචාරයක නිරතවීමෙන් අනතුරුව සිය X ගිණුමේ සටහනක් තබමින් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා ඒ බව කියා සිටියා.
එමෙන්ම ශ්‍රී ලාංකිකයින්ට පෝලන්තයට ඇතුළුවීමට වීසා පහසුකම් ලිහිල් කිරීමට ද එම සංචාරයේ දී අවධානය යොමුව තිබේ.