ජනතා විමුක්ති පෙරමුණ විශාල පැවැත්මක් සහ වැඩිවන ජනප්‍රියත්වයක් ඇති පක්ෂයක් බව ඇමරිකානු ශ්‍රී ලංකා තානාපතිනි ජුලි චන්ග් පවසයි.
ඇමරිකානු තානාපතිනිය පවසන්නේ ජනතා විමුක්ති පෙරමුණ හොඳ අවබෝධයක් ඇති දේශපාලන පක්ෂයයි බවයි.
ජවිපෙ නායක අනුර දිසානායක හමු වීමෙන් අනතුරුව තානාපතිනිය මේ බව පවසා තිබේ.
ඇමරිකානු ප්‍රතිපත්ති, ආයෝජන ව්‍යාපෘති, වැඩසටහන් හෝ වෙනත් ආධාර සම්බන්ධයෙන් කිසියම් ප්රශ්නකාරී තත්ත්වයක් ඇති වූ විට තමා සම්බන්ධ කර ගන්නා ලෙස අනුර දිසානායකගෙන් ඉල්ලා සිටින බව ද ජුලි චන්ග් වැඩි දුරටත් ප්‍රකාශ කරයි.