ක්‍රිස්තු වර්ෂ 14වන සියවස වන තෙක් සිංහලද්වීපයේ ද්‍රවිඩ ගම්මාන තිබුණට දෙමළ රාජ්‍යයක් තිබුණේ නැත.
මහාචාර්ය කර්තිගේසු ඉන්ද්‍රපාල තම ආචාර්ය උපාධිය සඳහා ශ්‍රී ලංකාවේ දෙමළ ජනයා පිළිබඳව මේ නිබන්ධය ඉදිරිපත් කර ඇත. එතුමාගේ ආචාර්ය උපාධිය සඳහා ලන්ඩන් විශ්ව විද්‍යාලයට ලියන ලද පර්යේෂණ නිබන්ධනය මුද්‍රණය කර නැත.
විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා එය පරිශීලනය කිරීමට තැබූ එහි ජායා පිටපත් Photocopy දෙකක් අතුරුදන් වී ඇත. එසේම විසිවන සියවසේ දෙවනි දශකයේ දේශීය හා විදේශීය විද්වතුන් විසින් සම්පාදනය කළ යාපනයේ ස්ථාන නාම පිළිබඳ ලේඛන The Ceylon Antiquary නම් සඟරාවේ පළවූ අතර එම කලාප දෙකම දැනට ලංකාවේ සියලුම පුස්තකාලවලින් අතුරුදන් වී ඇත.
එල්ටීටීඊ තර්ජන මැද එතුමා රටින් පළා ගිය අතර මැලේසියාවේ හෝ ඕස්ට්‍රේලියාවේ සිට තවත් පොතක් රචනා කළේය. එහි ඔහු කියා ඇත්තේ වෙනස් මතයකි. කෙසේ වෙතත් මේ මේ මතය එල්ටීටීඊ තර්ජන මැද කළ එකක් බව පැහැදිලි වේ.
ඊර්ෂාඩ් ශහාබ්ඩීන්
MSc Archeology (PGIAR) University of Kelaniya