ශ්‍රී ලංකාව ගිලගෙන ඇති වත්මන් ආර්ථික අර්බුදයට චීනය විසින් ලබාදී ඇති ‘විනිවිදභාවයකින් තොර ණය’ හේතු වී ඇතැයි අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) පරිපාලක සමන්තා පවර් ප්‍රකාශ කරයි.
පෙරේදා (27දා) නවදිල්ලිලේදී දේශනයක් පවත්වමින් සමන්තා පවර් පෙන්වා දී ඇත්තේ සැක සහිත ගනුදෙනු හරහා චීනය විසින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා මූල්‍ය පහසුකම් සම්පාදනය කර ඇති බවයි.
පසුගිය දශක දෙක තුළ චීනය ශ්‍රී ලංකාවේ විශාලතම ණය දෙන්නා බවට පත්වූ අතර, අනෙකුත් ණය දෙන්නන්ට වඩා වැඩි පොලී අනුපාත යටතේ බොහෝ විට විනිවිද නොපෙනෙන ණය ගනුදෙනු ලබාදෙමින්, බොහෝ විට සැක සහිත ප්‍රායෝගික භාවිතයක් සහිත ප්‍රධාන පෙළේ යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා ශ්‍රී ලංකාවට මූල්‍ය පහසුකම් ලබාදී ඇතැයි සමන්තා පවර් එහිදී සඳහන් කර ඇත.
චීනය, ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කර ඇති සහන සඳහා වන ඉල්ලීම්වලට පිළිතුරු දී නොමැති බව පෙන්වාදී ඇති සමන්තා පවර් සියල්ලට ම ඇති ලොකුම ප්රශ්නය වන්නේ බීජිනය අනෙකුත් ද්විපාර්ශ්වික ණය හිමියන් මෙන් ශ්‍රී ලංකාවට ලබාදී ඇති ණය ප්‍රතිව්‍යුහගත කරන්නේද යන්න යැයි ද පවසා තිබේ.