ශ්‍රී ලංකාවට සහය දෙන බව IMF ජනපතිට කියයි…!

June 24, 2022 at 10:53 pm | by emanisa.lk

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පියවර ගැනීම සඳහා පත් කර සිටින නියෝජිත පිරිස අද (24) පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයට පැමිණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවිය.

සතියක කාලයක් මෙරට රැඳී සිටින නියෝජිත පිරිස පසුගිය දිනවල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව ඇතුළු ආර්ථික බලධාරීන් හා විශේෂඥයන් සමග පැවැත්වූ සාකච්ඡා සහ වත්මන් තත්වය පිළිබඳව ජනාධිපතිවරයා දැනුම්වත් කළහ.

පවතින දුෂ්කර අවස්ථාවේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්තිවලට අනුකූලව ශ්‍රී ලංකාවට සහායවීමට අපේක්ෂා කරන බව එම නියෝජිත පිරිස ජනාධිපතිවරයා හමුවේ කියා සිටියහ.

පවතින ආර්ථික තත්ත්වය පිළිබඳ දීර්ඝ වශයෙන් පැහැදිලි කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවට සහාය වීම සම්බන්ධයෙන් එම නියෝජිත පිරිසට සිය ස්තූතිය පළ කළේය.

එම නියෝජිත කණ්ඩායම ශ්‍රී ලංකාව සමඟ මාණ්ඩලික මට්ටමේ ගිවිසුමකට එළැඹීමට අදාළ සහ ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳ දීර්ඝ අධ්‍යයනයට ලක් කිරීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *