ජපානය මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවට මූල්‍යාධාර ලබා නොදෙන බව ශ්‍රී ලංකා ජපන් තානාපති මිෂොකොචි හිඩේකි පවසා ඇතැයි වාර්තා වෙයි.
එයට හේතුව ලංකාව මුදල් අවභාවිතයේ අවධානමක් තිබීම බව ද තානාපතිවරයා පවසා ඇත.
කෙසේ වුව ද ශ්‍රී ලංකාවට සහයෝගය ලබා දීම පිළිබඳ පසුව සලකා බලන බව ද මිෂොකොචි සඳහන් කර ඇත.
ඔහු මේ බව පවසා ඇත්තේ ඊයේ (30) දෙමළ ජාතික සන්ධන නියෝජිත පිරිසක් හමු වූ අවස්ථාවේ ය.
රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයට පත් වූ වහා ඔහු ජපාන තානාපති කාර්යාලයට ගොස් ඩොලර් බිලියන 02ක ණය මුදලක් ඉල්ලා සිටියේ ය.