ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල දේශපාලනඥයින් දෙදෙනකු ළඟදීම එක්සත් ජාතික පක්ෂයට එක්වීමට නියමිත බව ශ්‍රීලනිප ආරංචි මාර්ග හෙළි කරයි.
දිවයිනේ ඈත කඳුකර දිස්ත්‍රික්කයක් නියෝජනය කරන මෙම දේශපාලනඥයින් දෙදෙනා ම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ වෙති.
එක් අයෙක් දිගු කලක් කැබිනට් අමාත්‍ය පදවි රැසක් දැරුවෙකි. අනෙක් තැනැත්තා පළාත් සභා ප්‍රධාන අමාත්‍ය තනතුරු ඇතුළු ඉහළ තනතුරු ගණනාවක් දැරූ අයෙකි.