ශ්‍රීලනිපය අගමැතිට රට ගොඩගන්න සහය දිය යුතුයි..! නැත්නම් මම තනියම හරි රනිල්ට සහය දෙනවා…!

May 15, 2022 at 5:21 pm | by emanisa.lk

අගමැති රනිල් වික්‍රමසිංහට සහයෝගය ලබා දෙන්නේ දැයි මෙතෙක් ශ්‍රීලනිපය තීන්දුවක් ගෙන නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් අමරසූරිය පවසයි.

කෙසේ වුව ද පළාතේ ජනතාව කියන්නේ නව අගමැතිවරයාට රට ගොඩනැඟීම සඳහා සහයෝගය ලබා දෙන ලෙස යැයි ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

අද (15) රාත්‍රී 07ට ශ්‍රීලනිප දේශපාලන මණ්ඩලය රැස්වන බවත් එහි දී පක්ෂයක් ලෙස අගමැතිවරයාට සහයෝගය ලබා දීමට තීන්දුවක් නොගතහොත් තමා ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස තනිවම හෝ ඔහුට සහයෝගය ලබා දෙන බවයි, චාමර සම්පත් අමරසූරිය අවධාරණය කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *