ශවේන්ද්‍ර සිල්වාගේ මතක සැමරුම්!

April 30, 2019 at 5:45 pm | by admin

“ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් විදිහට ඉන්න කොට කොයි වෙලේවත් අපට කිව්වෙ නෑ හෙට යුද්දෙ දිනල දෙන්න, හෙට අතන අල්ලල දෙන්න.. හෙට කිලිනොච්චි අල්ලල දෙන්න කියලා.. එතුමාට උවමනා වුනේ සොල්දාදුවගේ මානසික මට්ටම උපරිමයෙන් තියා ගන්න එක..

එක කාලෙක අපි මන්නාරමෙන් උතුරු ප්‍රදේශයේ මෙහෙයුම් කරනවා.. හොඳටම වහිනවා.. අපි ගහ ගෙන යන මෝසම් වැස්ස.. සොල්දාදුවො තෙමෙනවා.. අපිත් තෙමෙනවා.. අපහසුයි කියා මෙහෙයුම් නතර කරන්න බැහැ.. එක දිනයක හැර වෙනත් කිසිම දවසක අපි මෙහෙයුම් නොකර හිටියෙ නැහැ.. ක්‍රියාන්විතයෙ අපි යනවා.. වැස්ස පෑව්වහම ඇඟේ තියන බොඩි හීට් එකට යුනිෆෝම් එක වේලෙනකම් අපි යනවා.. වෙන විකල්පයක් අපට තිබුනේ නෑ..

මේ දිනවලම ආරක්ෂක ලේකම්වරයා නිරීක්ෂණ කටයුතු සදහා මන්නාරමට ආවා.. ඉක්මන් මැදිහත් වීම් උවමනා දේවල් තියෙනවද ඇහුවම ඕක මම ලේකම්තුමාට කිව්ව.. මට තේරුනා හුස්ම ගත්තු විදිහට පපුව හඩා වැටුනු බව එතුමාගේ.. මට කිව්වා හරි බලන්නම් මේකට කරන්න පුලුවන් මොනාද කියලා..

එතුමා කොළඹ ගිහින් පැය 48 ක් ඇතුලත මට මන්නාරමට එව්වා කන්ටේනර්ස්.. කන්ටේනර්ස්වලට හීටර් හයි කරලා ඇඳුම් වේලෙන මෙතඩ් එකක් හදලා..

එදා රටේ ආරක්ෂක ලේකම් සොල්දාදුවො වෙනුවෙන් මනස පාවිච්චි කරලා වැඩ කරේ එහෙම.. ඒ අවබෝධය සාමාන්‍ය සෙබළාට පවා තිබුනා.. මම කිව්වොත් කොල්ලන්ට හෙට අපි මීටර් 100ක් යන්න ඕන කියලා කොල්ලො මීටර් 200 ක් යනවා..”

– මේජර් ජෙනරාල් ශවේන්ද්ර සිල්වා
සේනංකාධිපති, 58 වෙනි සේනාංකය,
ශ්‍රී ලංකා යුධ හමුදාව.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස