ශවේන්ද්‍ර රටට හමුදා පාලනයක් ගෙනෙන කුමන්ත්‍රණය…? ජනපති ගෝඨාගේ නියෝග නොතකා රට ගිනි තියන්න ඇරලා…?

May 14, 2022 at 11:16 am | by emanisa.lk

පසුගිය 09 වෙනිදා රාත්‍රී රට පුරා සිදු වූ ගිනි තැබීම් මංකොල්ලකෑම් පාලනය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගතයුතු සියලු ක්‍රියා මාර්ග ගෙන ඇතැයි දර්ශන හඳුන්ගොඩ අනාවරණය කරයි..

රට පුරා සිදුවන ගිනි තැබීම් පහර දීම් දේපළ විනාශයන් පිළිබඳ ජනාධිපතිවරයාට දැනුම් දුන් වහා ඔහු ඒ සියලු තොරතුරු යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට දැනුම් දී වහාම එම තත්ත්වය පාලනය කිරීම සඳහා උපදෙස් ලබා දී තිබේ.

එහෙත් ජනාධිපතිවරයා ලබා දුන් කිසිදු නියෝගයක් ක්‍රියාත්මක කිරීමට හමුදාපතිවරයා කටයුතු කර නොමැති අතර තත්ත්වය පාලනය සඳහා හමුදාව යෙදවීමට ද නියෝග නිකුත් කර නොමැත.

මෙම තත්ත්වය පාලනය සඳහා ජනාධිපතිවරයාට අවසානයේ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න සහාය වී ඇති අතර තත්ත්වය පාලනය කළ හැකි වූයේ ඉන් අනතුරුවය.

මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ පෙන්වා දෙන්නේ රට පුරා එම ගැටුම් ඇවිළී ගොස් ජනතාව වීදි පුරා මරා ගන්නා තැනට පැමිණි පසු ජනතාව බේරා ගන්නට වීරයෙකු මෙන් පැමිණ හමුදා පාලනයක් ස්ථාපිත කිරීම හමුදාපතිවරයාගේ අරමුණ වූ බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *