වෛද්‍ය ෂාෆිට චෝදනා කරන්න කලින් ළමයි නැති කතුන්ගේ ස්වාමි පුරුෂයන්ගේ පුරුෂකම පරික්ෂා කළ යුතුයි! – එජාප මන්ත්‍රී එම්.අයි.එම්. මන්සූර්

June 29, 2019 at 4:30 pm | by emanisa.lk

වෛද්‍ය ෂාෆිට චෝදනා කරන්න කලින් ළමයි නැති කාන්තාවන්ගේ ස්වාමි පුරුෂයින්ගේ පුරුෂකම තියෙනවාදැයි පරික්ෂා කරන්න” යැයි දිගාමඩුලු දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. අයි. එම්. මන්සුර් ඊයේ (28) තිනකුරල් පුවත්පතට ප්‍රකාශයක් ලබා දෙමින් සඳහන් කර ඇත.

චෝදනා තහවුරු වුවහොත් පමණක් අත්අඩංගුවට ගත යුතු වුවත් වෛද්‍ය ෂාෆි අත්අඩංගුවට ගෙන ඉන්පසු චෝදනා ඉදිරිපත් කරන බවත් මෙහිදී මන්ත්‍රී මන්සූර් ප්‍රකාශ කරයි.

ධර්ම චක්‍රයක් ඇඳුමේ තිබුණා යැයි කියා මුස්ලිම් කාන්තාවක් මාසයක් අසාධාරණ ලෙස බන්ධනාගාරගත කිරීමට පොලීසිය ක්‍රියා කර ඇති බවටත් ඔහු චෝදනා කර ඇත.

පසුගියදා හදිසි නීති විවාදය අවස්ථාවේ ඔහු පැවසුවේ පාස්කු කුරිරු ත්‍රස්තවාදයේ වැරදිකරුවන් අත් අඩංගුවට ගෙන දඬුවම් දිය යුතු බවයි. නමුත් වෛද්‍ය සාෆි මහතා අත්අඩංගුවට පත්ව තිබෙන්නේ ඔහු මුස්ලිම් වැසියකු නිසා යැයි මෙතෙම චෝදනා කළේය.

කෙසේ වුවද වෛද්‍ය ෂාෆිට එරෙහිව පැමිණිලි කළ සියලු මව්වරු දරුවකු හෝ දෙදෙනෙකු සිටින අය නිසා පියාගේ සරුභාවය පිළිබඳ ගැටලුවක් තිබිය නොහැකිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස