වෛද්‍යවරු බලකළ නිසා හැමෝට ම දෙන තුරු නොඉඳ එන්නත ගත්තා…! – සජිත්…

August 3, 2021 at 10:01 pm | by emanisa.lk

සමගි ජනබලවේග නායක සජිත් ප්‍රේමදාස අද (03) කොවිඩ් මර්දන එන්නත ලබා ගෙන තිබේ. ඔහු ඒ පිළිබඳ සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබා තිබේ.

“මට කොවිඩ් සඳහා ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ගේ දැඩි උපදෙස් මත මම අද එන්නත ලබා ගැනීමට කටයුතු කළෙමි. එන්නත ලබා ගැනීමට අපොහොසත් වුවහොත් නැවත කොවිඩ් රෝගය වැළඳිය හැකි බවත් එය මාරාන්තික විය හැකි බවත් වෛද්‍යවරු මට තරයේ අවවාද කළහ. මගේ වර්තමාන සෞඛ්‍ය තත්ත්වය අනුව මම ඔවුන්ගේ නියමයට එකඟ වූයෙමි.”

කෙසේ වුව ද ඔහු මෙයට පෙර අවධාරණය කළේ රටේ සියලු ම පුරවැසියන්ට කොවිඩ් එන්නත ලබා දෙන තුරු තමා එන්නත ලබා නොගන්නා බව ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස