වේල්ලවීදියේ හිස නැති කඳ තම බිරිඳගේ දැයි දැනගන්න පොලිසියට ඇමතුම් 200ක්…! සමහරු බිරිඳගේ ඡායාරූපත් එවලා…!

March 4, 2021 at 8:39 am | by emanisa.lk

වේල්ලවීදියේ ගමන් බෑගයේ තිබී හමු වූ හිස නැති කාන්තා මළකඳ හඳුනා ගැනීමට මහජන සහය පතා ප්‍රසිද්ධ කළ දුරකථන අංකයට පෙරේදා (2) දිනයේ පමණක් දුරකථන ඇමැතුම් 200ක් පමණ ලැබී ඇත.

විවිධ පුද්ගලයන් මෙම දුරකථන ඇමැතුම් ලබාදී ඇත්තේ මේ සිය පැනගිය දියණියගේ හා බිරිඳගේ සිරුර දැයි තහවුරු කරගැනීමටය.

මෙරටින් මෙන්ම විදෙස්ගතව සිටින අයගෙන් පවා වේල්ලවීදිය පොලිස්ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් පේදුරුආරච්චිගේ දුරකථනයට මෙලෙස ඇමැතුම් ලැබී තිබේ.

මියගිය තරුණියගේ බාහිර ස්වරූපය අනුව තම දියණියගේ ද, බිරිඳගේ ද යන්න තහවුරු කර ගැනීම සඳහා ඇතැමුන් ඡායාරූප පවා පොලිිසියට එවා ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පෙරේදා (2) මෙම සිරුර ගැන තොරතුරක් ඇත්නම් දන්වන්නැයි මාධ්‍ය ඔස්සේ කළ ප්‍රචාරයෙන් පසු මෙම ඇමැතුම් ගලාවිත් ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *