ජනතාවට වේලක් අඩුවෙන් කන්න කියල මම කීවේ නෑ…! අපේ අරමුණ හතර වේලක් කන්න පුළුවන් රටක් හැදීමයි…! – පොහොට්ටු මන්ත්‍රී….

September 14, 2021 at 4:25 pm | by emanisa.lk

ආණ්ඩුවේ අරමුණ ජනතාවට තුන් වේලක් නොව හතර වේලක් කෑමට හැකි වටපිටාවක් නිර්මාණය කිරීම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර පවසයි.

නිරෝධායන ඇඳිරි නීතිය නිසා දුෂ්කරතාවට පත්ව ඇති අඩු ආදායම්ලාභී ජනතාව පිළිබඳ මෙන්ම ඒ ජනතාව වෙනුවෙන් රු. 5000ක් හෝ ලබා දීමට නොහැකි වීම පිළිබඳ මන් කනගාටු වන බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ය.

ජනතාව ආහාර ගන්නා වේල් ගණන අඩු කර හෝ කොවිඩ් උවදුර මැඩලීම සඳහා දායක විය යුතු බවට තමන් විසින් සිදුකළ ප්‍රකාශයක් පිළිබඳ පැහැදිලි කරමින් ජගත් කුමාර මේ බව සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *