වේදනාත්මක ප්‍රතිසංස්කරණ ඇරඹුණා…! අමාරු කාලයක් පසුකරන්න වෙයි..! – මහ බැංකු අධිපති…

September 22, 2022 at 9:00 am | by emanisa.lk

පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අප නැවතත් ආර්ථික ස්ථායීතාව ඇති කර ගනිමින් ණය තිරසරභාවය කරා පැමිණෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටත් අපේ ණය හිමියන්ටත් පෙන්වා දිය යුතුව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ පවසයි.

“අපට අමාරු කාලයක් ගත කරන්න සිදුවෙනවා. අපේ ආර්ථිකය දැන් සංකෝචනය වෙමින් තියෙන්නේ. අපි ඊට පුරුදු විය යුතුයි. අපි අපේ ආනයන අඩු කරගෙන අපේ අපනයන ආදායම සමග කළමනාකරණය කරගත යුතුයි.

ඒ වගේ ම ඉහළ පොළී අනුපාතික පවත්වා ගෙන යාම, ආර්ථික ක්‍රියාකාරකම් මන්දගාමී කිරීම වගේ ම මෙම අර්බුදයෙන් වඩාත් බලපෑමට ලක්වූ ජන කොටස් ආරක්ෂා කරගැනීමත් කළ යුතුයි. ඒ වෙනුවෙන් අනෙක් අයට යම් වේදනාවක් බෙදාගැනීමට සිදුවෙයි මේ කාලසීමාව තුළ. ඒ වේදනාව යම් පමණකින් හෝ කළමනාකරණය කරගැනීමට තමයි අපි බොහෝ දුෂ්කර ආර්ථික තීරණවලට එළඹුණේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය ලැබුණොත් අපට ආර්ථික වශයෙන් ස්ථායී වීමට හැකි බව මට විශ්වාසයි. ඒ වගේ ම ඔබටත් සාමාන්‍ය ආර්ථික ක්‍රියාකාරකම්වලට ක්‍රමිකව ආපසු යාමට හැකි වේවි. ඒ වගේම සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යාමට හැකි වෙනවා. වගේ ම අපි මීට පෙර සිටි තත්ත්වයට ආපසු යන්න හැකිවේවි. නමුත් එය කතාවේ අවසානය නොවන බව සිහිතබා ගත යුතුයි.”

මහ බැංකු අධිපතිවරයා මේ බව පැවසුවේ පෙරේදා (20) කොළඹ දී පැවැති උත්සවයක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *