රජය විසින් ලබාදෙන සහන පාරිභෝගියාට ද ලබාදීමට ව්‍යාපාරික ප්‍රජාව කටයුතු නොකළහොත් ඇතැම් භාණ්ඩ සඳහා පාලන මිලක් නියම කිරීමට සිදුවන බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසයි.
“මේ වන විට අත්‍යවශ්‍ය භාණ්ඩ 15ක් සඳහා සතියකට වරක් අප මිල ප්‍රකාශ කිරීමක් සිදුකරනවා. නමුත් රජය විසින් ලබාදෙන සහන පාරිභෝගිකයාට නොලැබෙන බවක් නිරීක්ෂණය වෙනවා. මේ සම්බන්ධව ඉදිරි දින කිහිපය තුළ වෙළඳ සංගම් සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. අප විසින් ලබාදෙන සහන පාරිභෝගියාට ලබා නොදෙන්නේ නම් ඇතැම් භාණ්ඩ සඳහා පාලන මිලක් නියම කිරීමට සිදු වන බව පැවසිය යුතුයි”.
අමාත්‍ය නලින් ප්‍රනාන්දු මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (19) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.