වෙසක් පොදු සමාව යටතේ ලක්ෂ 20ක දඩයක් නියම වූ පුද්ගලයෙකු නිදහස් වුව ද එය ඔහු ඉලක්ක කොට සිදුකළ දෙයක් නොව සිරකරුවන් සඳහා පොදුවේ ලබා දුන් නිදහසක් බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
අනුරාධපුර ගරු මහාධිකරණය මගින් විජේකෝන් මුදියන්සේලාගේ අතුල තිලකරත්න (ඩබ්.එමි. අතුල තිලකරත්න) යන සිරකරු බන්ධනාගර ගත කර ඇත්තේ ලංකා දණ්ඩ නීතී සංග්‍රහයේ 386 වගන්තිය උල්ලංගනය කිරීම හේතුවෙන් වන අතර ගෙවීමට නියම කර ඇති මුදල වන රුපියල් ලක්ෂ 20ක වන්දි මුදල දඩයක් ලෙස ගෙවන ලෙස ගරු අධිකරණය මඟින් නියමකර ඇති අතර එම දඩය නොගෙවන්නේ නම් මාස 06ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කර ඇත.
2025.05.12 වන දිනට යෙදී තිබූ වෙසක් පොහොය දිනය නිමිති කොට ගෙන 2025.05.05 දින වන විට බන්ධනාගාරගතව සිටින රැඳවියන් සඳහා වෙසක් පොදු සමාව පිරිනැමීම කොන්දේසිවලට යටත්වය.
ඒ අනුව මෙම සිරකරු ද ගෙවීමට තිබෙන දඩ මුදල් අහෝසි වීම මත නිදහස් රිමාන්ඩ් වී ඇත. මීට අමතරව පැවති නඩුවට ඇප අත්සන් කළ බවට ලද නියෝගය අනුව ගරු මහාධිකරණයට ඉදිරිපත් කර මුදා හැරිණි.
මෙම සමාව කිසිසේත් උක්ත පුද්ගලයා කේන්ද්‍රකර සිදු කරන ලද්දක් නොවන අතර පොදුවේ සිරකරුවන් උදෙසා පිරිනැමූවක් පමණි.
ගාමිණී බී. දිසානායක
බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක)