වෙසක් කලාපවලට නැති ආරක්ෂාව කොටි සැමරුමට ලැබෙයි! රාජ්‍ය ආරක්ෂාව යටතේ කොටි සැමරෙයි!

May 18, 2019 at 3:13 pm | by admin

කොටි සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් 2009 මැයි මස 08 වෙනිදා මරුමුවට පත්වීමත් සමග කොටි ත්‍රස්තවාදය නිමා කර රටට නිදහස ලබා දීමට ආරක්ෂක අංශවලට හැකි විය.

එතැන් සිට 2015 දක්වා විජයග්‍රාහී දිනය ලෙස මැයි 18 සැමරූ අතර 2015 එය නිමා කළ අතර උතුරු නැඟෙනහිර මිය ගිය දෙමළ ජනතාව සමරන මුවාවෙන් කොටි සැමරුම් උත්කර්ෂයට නැංවිණි. මේ පිටුපස සිටින්නේ දෙමළ සන්ධානයයි.

රට පුරා මතුව ඇති ඉස්ලාම් ත්‍රස්ත භීතිකාව නිසා මෙවර වෙල්ලමුල්ලිවයිකාල් කොටි සැමරුමට ශ්‍රී ලංකා පොලිස් ආරක්ෂාව ලබා දීමට කටයුතු කර තිබේ.

ත්‍රස්ත ප්‍රහාර භීතිකාව නිසා රට පුරා වෙසක් කලාප තොරණ පැවැත්වීම නතර කිරීමට බලපෑම් කළ ආණ්ඩුව මෙවැනි ත්‍රස්ත සැමරුම් තහනම් නොකර ඒ සඳහා පොලිස් ආරක්ෂාව ද ලබා දීම පුදුම සහගතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස