වෙල්ගම ශ්‍රීලනිපයෙන් ජනපති සටනට! සැලසුම පිටුපස දුමින්ද!

August 23, 2019 at 4:17 pm | by emanisa.lk

එළඹෙන ජනාධිපතිවරණයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරිපත් නොවන්නේ නම් ඔහුගේ කැමැත්ත ඇතිව හෝ නැතිව ශ්‍රීලනිපයෙන් ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වෙයි.

මේ සඳහා අවශ්‍ය කටයුතු ශ්‍රීලනිප ජාතික සංවිධායක දුමින්ද දිසානායකගේ මූලිකත්වයෙන් සිදුවන බව දැනගන්නට තිබේ.

ශ්‍රීලනිපය පොහොට්ටුව සමග සම්බන්ධ වුවහොත් පක්ෂය දිය වී යනු ඇති බව එම මතය දරන පිරිසේ අදහස වී තිබේ.

ඒ සඳහා දැනට යෝජනා වී ඇත්තේ ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨතමයකු වන කුමාර වෙල්ගමගේ නමය.

පසුගියදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කළ සාදයට ද දුමින්ද දිසානායක, මහින්ද සමරසිංහ සහ කුමාර වෙල්ගම සහභාගී වූයේ නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස