වෙල්ගම යූඇන්පී පිල්ලියක්! ඔහුට ඕන ශ්‍රීලනිප ගෝඨා සන්ධානය කඩන්නයි! ශ්‍රීලනිප මහ ගෙදරින් බලු බැනුම්! වෙල්ගමට අල්ලපු අත්තයි පය ගහපු අත්තයි දෙකම නැතිවෙයි….

September 25, 2019 at 10:16 am | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගොඩනඟා එහි බදුල්ල දිස්ත්‍රික් නායකයා ලෙස ද කටයුතු කර නැවත ශ්‍රීලනිපයට පැමිණි කුමාර වෙල්ගම ආදරයෙන් පිළිගත් බව ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර පවසයි.

කෙසේ වුවද ජනාධිපතිවරණයට ශ්‍රීලනිපයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් නොවන්නේ නම් වෙල්ගම මන්ත්‍රීවරයාට එහි අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමේ හැකියාවක් නැතැයි ද වෙල්ගම ඉදිරිපත් කිරීමට පක්ෂය කිසිදු තීන්දුවක් ගෙන නැතැයි ද ඔහු වැඩි දුරටත් පවසයි.

එසේම වෙල්ගම කාගේ දේශපාලන ඩීල් එකක් ද පිල්ලියක් ද යන්න තවම පැහැදිලි නැතැයි ද හෙතෙම කීවේය.

මෙය එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් පොදුජන පෙරමුණ සහ ශ්‍රීලනිපය අතර සන්ධානය බිඳ දැමීමේ ව්‍යාපෘතියක් බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස