වෙල්ගම ජනපති අපේක්ෂකයා කරන්න අපි නම් කතා කළේ නෑ! ශ්‍රීලනිප ලොක්කෝ වෙල්ගමගේ ජනාධිපති සිහිනයට පයින් ගසයි!

August 27, 2019 at 9:27 pm | by emanisa.lk

කුමාර වෙල්ගම තම ජනාධිපති අපේක්ෂකයා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දී කිසිවකු කතා නොකළ බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර සහ ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සාකච්ඡාවලට සහභාගී වීමෙන් අනතුරුව ශ්‍රීලනිප කණ්ඩායම නියෝජනය කළ පිරිස ලෙස මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔවුන් මෙසේ පැවසීය.

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව තුළ කුමාර වෙල්ගම පිළිබඳ කිසිදු කතාබහක් හෝ යෝජනාවක් මතු නොවූ බව මහින්ද අමරවීර අවධාරණය කළේය.

කෙසේ වුවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රීලනිප ජනාධිපති අපේක්ෂකයා නොවන්නේ නම් තමා ඒ සඳහා ඉදිරිපත් වීමට සූදානම් බවත් ශ්‍රීලනිපයේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම පුද්ගලයා තමා බවත් කුමාර වෙල්ගම මෙයට පෙර ප්‍රකාශ කළේය. එසේම ශ්‍රීලනිප පාක්ෂිකයන්ගෙන් %කට වැඩි පිරිසක් තමන් සමග සිටින බව ද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් සංවිධායක ලෙස කටයුතු කළ කුමාර වෙල්ගම එම පක්ෂයෙන් වෙන්ව ගියේ මහින්ද රාජපක්ෂට පසු ජනාධිපති අපේක්ෂක්තවය පක්ෂයේ ඊළඟ ජ්‍යෙෂ්ඨයා වන තමාට නොලැබුණු බව පවසමිනි. එහෙත් එම පක්ෂයේ මන්ත්‍රීවරු 54 දෙනා අතරින් කිසිවකු වෙල්ගම සිය ජනාධිපති අපේක්ෂකයා විය යුතු යැයි පැවසුවේ නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස