වෙල්ගමගේ නායකත්වයෙන් චන්දිකාගේ අනුශාසකත්වයෙන් දැවැන්ත බලවේගයක්…! – හොරගොල්ල සමාධියේ දී දිවුරුම් දෙති….

September 26, 2021 at 7:36 pm | by emanisa.lk

ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් ඒකරාශී කර තමාගේ නායකත්වයෙන් නව දේශපාලන ගමනක් ආරම්භ කරන බව නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක, සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසයි.

එම නව දේශපාලන ගමනට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග අනුශාසකත්වය ලබාදෙන බව හිටපු උතුරු මැද පළාත් මහ ඇමති පේෂල ජයරත්න සඳහන් කරයි.

වර්තමාන ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිස පක්ෂ ප්‍රතිපත්ති ඉවත දමා සිය වාසියට කටයුතු කරන බවත් තම ප්‍රතිපත්තිවලට එකඟ වන්නේ නම් තමන් සමඟ ඔවුන්ට ද එකතු විය හැකි බවත් පේෂල ජයරත්න ප්‍රකාශ කළේ ය.

ඒ දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක 62 වන ගුණ සැමරුම් උත්සවයට අද (26) එක්වෙමිනි.

හිටපු ජනාධිපති ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිස එහි පැමිණියේ එම පිරිස නික්ම ගිය පසු ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *