වෙල්ගමගෙන් අලුත් පක්ෂයක්! පක්ෂ හතක සන්ධානයකින් මහ ඡන්දෙට!

February 21, 2020 at 2:47 pm | by emanisa.lk

නව ලංකා නිදහස් පෙරමුණ ලෙස නව පෙරමුණකින් ඉදිරි මහ මැතිවරණයට තරග කරන බව කළුතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම පවසයි.

නව පෙරමුණේ නායකයා ලෙස තමා කටයුතු කරන බව කී මන්ත‍්‍රීවරයා, එහි සභාපති හා ලේකම් ඇතුළු නිලධාරීන් හා ලකුණ ඉදිරියේදී ප‍්‍රකාශයට පත් කරන බවද කීවේය.

නව පෙරමුණ ලියාපදිංචි කිරීම සඳහා මේ වන විටත් මැතිවරණ කොමසාරිස්වරයා වෙත අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කර ඇති බවත් ඉදිරි දින කිහිපය තුළ නව පෙරමුණ එළිදක්වන බවත් වෙල්ගම මහතා සඳහන් කළේය.

මේවන විටත් පිළිගත් දේශපාලන පක්ෂ හයක් නව පෙරමුණ සමග එක්වීමට කැමැත්ත පළ කර ඇති බව කී මන්ත‍්‍රීවරයා, පොදුජන පෙරමුණට අකැමැති ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට මෙන්ම සියලූ දෙනාට නව පෙරමුණට එක් විය හැකි බවද කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස